එළුවන් අභිජනනය Goat breeding



 


එළුවන් අභිජනනය



එළුවන් අභිජනනය තුලින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම සඳහා


• පට්ටි එළුවා

• නීරෝගී එලිච්චිය

• නිසි අයුරින් පට්ටි දැමීම

• එලිච්චිය හා පැටවුන් හොඳින් රැකබලා ගැනීම


යන කරුණු සම්භන්දව වැඩි අවධානයක් යෙදිය යුතුවේ.


පට්ටි එළුවා


  • පට්ටි එළුවා ශක්තිමත් නීරෝගී හොඳින් වැඩුනු ශරීරයක් හා නියමිත වර්ගයේ ලක්ෂන පෙන්නුම් කල යුතුය.
  • එළුවායේ ලිංගික අවයව හොඳින් වැඩී තිබිය යුතු අතර වෘෂන කෝෂ යුගලම කැපී පෙනෙන ලෙස හොඳි න්වැඩී තිබිය යුතුය.
  • පට්ටි වස්සන්ට පෝෂදායී ආහාර ලබාදී මනාව නඩත්තු කල යුතුය.වයස මාස 10-12 වැඩෙන අවධියේදී පවා වාර ගණන අඩුකර ආහාර සපයා පට්ටි සේවාව සළසා ගත හැක.
  • පට්ටි එළුවන්ට හොඳින් ව්‍යායාම අවශ්‍ය වේ.ඔවුන් පිරිසිඳු පරිසරයක ඇතිකල යුතු අතර වෙනත් සතුන්ගෙන් වෙන් කල යුතුය.
  • සෑම වර්ෂ දෙකකට වරක් පට්ටි එළුවා මාරු කිරීම මගින් සහඅභිජනනය වලක්වා ගත හැක.


එලිච්චිය


  1. හොඳ වැඩි නිෂ්පාදනයක් ලබාදෙන එලිච්චි එළු රැලේ න්‍යෂ්ටිය ලෙස සැලකිය හැක.එම නිසා අභිජනනය සඳහා මව් සතුන් තෝරා ගැනීමේදී ඉහල කිරි නිශ්පාදනයක් සහිත හා ඉහල සඵලතාවයකින් යුත් සතුන් තෝරා ගත යුතුය.තෝරා ගන්නා මව් සතුන් නිරොගි සෟඛ්‍යසම්පන්න විය යුතුය
  • ශක්තිමත් පාද සිහින් ගෙලක් හා පැතලි හිසක් පිහිටීම
  • දීප්තිමත් නෙත්
  • සෞම්‍ය හැසිරීම
  • තන පුඩු මඳක් ඉදිරියට නෙරා ඇති සිනිඳු බුරුල්ලක් පිහිටීම
  • සෑම මාස 6-8 කට වරක් පැටවු බිහිකිරීම
  • නිතරම නිවුන්නු බිහිකිරීම
  • පැටවුන් දෙදෙනෙකුට ප්‍රමානවත් කිරි නිපදවිය හැකි වීම සලකා බලනු ලබයි.
  • දුර්වලතා සහිත සතුන් හා අසාමාන්‍ය මඳ චක්‍ර සහිත සතුන් අභිජනනයට සුදුසු නොවේ එම සතුන් ඉවත් කල යුතුය.


පට්ටි දැමීම


එලිච්චියක් දින 18-21 කට වරක් මඳ ලක්ශන පෙන්වයි.මඳකාලය පැය කීපයක සිට දින 2-3 දක්වා විය හැක.


එලිච්චියකගේ මඳ ලක්ශන

  • නොසන්සුනකම
  • වලිගය නිතර සෙලවීම
  • රත් පැහැ ඉදිමුනු කාකලිකය
  • නිතරම මුත්‍රා කිරීම
  • යෝනියෙන් ස්‍රාවයක් පිටවීම

  • සාමාන්‍යෙයන් එලිච්චියක් වසරක් වයස්ගතවන තුරු පට්ටි දැමීම සිදු නොකරයි.ගැහැණු සතුන් 20-30කට පට්ටි දැමීම සඳහා එක් පිරිමි සතෙකු සෑහෙන බැවින් පට්ටි දැමිම සඳහා හොඳම පිරිමි සතෙකු තෝරාගත යුතුය
  • වැඩි කිරි නිශ්පාදනයක් හා වැඩි පැටවුන් ප්‍රමානයක් ලබාගත හැකි හොඳ සෟඛ්‍ය සම්පන්න එලිච්චියකගේ පැටවෙකු විය යුතුය.
  • මනාව වැඩුනු සෟඛ්‍ය සම්පන්න එලිච්චියකගේ පැටවෙකු විය යුතුය.
  • මනාව වැඩුනු ශරීරයක් හා වර්ගයට ආවේණික ලක්ෂන ඇති සතෙක් විය යුතුය.


නුසුදුසු පිරිමි සතුන් කර ඇඹීම.


තෝරාගත් පිරිමි සතුන්ට පමණක් ගැහැණු සතුන්ට පට්ටි දැමීම සඳහා අවස්ථාව ලබා දිය යුතුවේ. මේ සඳහා රංචුවේ සිටින අනවශ්‍ය පිරිමි සතුන් කර ඇඹීම සිදු කල හැක. කර ඇඹීම සිදු කිරීම මගින්


  •  ශරීර වර්ධනය වේගවත් වේ.
  •  මස මෙලෙක් වීම සිදුවේ / එළු මස් වල ආවේණික ගන්ධය අවම වේ.
  •  සතුන් හීලෑවේ.
  • පාලනය පහසු වේ.


කර ඇඹීමට ක්‍රම දෙකක් පවතී


1. ඉලස්ට්‍රේටරය මගින් කර ඇඹීම.



2. බර්ඩිසෝ උපකරණය මගින් කර ඇඹීම.



වයස මසයකට අඩු වයසක් ඇති සතුන් කර ඇරඹිම සදහා ඉලාස්ටික් රබර් මුදු භාවිතයට ගත හැක. මසයකට වඩි වයස් හා වඩුනු වැඩුනු සතුන් කර බර්ඩ්සො උපකරන භාවිතා කල හැක. මෙම කර හට වෙදනා ගෙන නොදෙනේ. ඔබගෙ පිරිමි සතුන් කර ඇර පළාතේ රජයේ වෛද්‍ය නිධාරි හමු වන්න. කිසිදු මුදලක් අය නොකරේ.


*ගැබ්බර එළිච්චියෙකු රැකබලා ගැනීම


එළිච්චියෙකු ගැබ් ගත් කළ පෙන්වන ලකුණු රැසකි. එළිච්චි යළි පට්ටියට නොපැමිණෙන අතර කලබලකාරීත්වය හා කිරි නිෂ්පාදනය ද අඩුවේ. ගැබ්ගත් එළිච්චියෙකු ප්‍රසූත කිරීමට සති 6-8 කට පෙර කිරෙන් වැරිය යුතුය. ප්‍රසූතිය පහසු කිරීම සඳහා මද ව්‍යායාම එළිච්චියට කැප විය යුතුය.


ගැබ් එළිච්චි සදහා, සහල් නිවුඩු, රනිල බෝග, පුන්නක්කු වැනි අමතර ආහාර අවශ්‍ය වන්නේ මවගේ ගර්භාෂය වැඩෙන පැටියා උපරිම ලෙස වර්ධනය වීමට ය.තව දැගැබ් කාලේ අවසන් හතර වැනි සතියේ සිට භ්‍රෑණය ඉතා ශීඝ්‍රයෙන් වැඩෙන බැවින් අමතර ආහාර සැපයීම අත්‍යවශ්‍ය වේ. අමතර ආහාර සැපයීමෙන් සැලසෙන තවත් වාසියක් නම් ප්‍රසූතියෙන් පසු වැඩි කිරි නිෂ්පාදනයක් සඳහා එළිච්චිය සූදානම් කිරීමයි. ගැබ්බර සතුන් සඳහා අමතර ආහාර සැපයීය යුතුවා මෙන් ම ගැබ් කාලේ අවසන් මාසය තුළ වැඩිපුර ආහාර සැපයීම ඉතාමත්ම වැදගත්ය.

Post a Comment

Previous Post Next Post