ගව වර්ග




ගවයින් ප්‍රදාන වර්ග 2කට බෙදේ.


  1. එල ගවයින්.
  2. මී ගවයින් 


1 එල ගවයින් කොටස් 2කි.


  • යුරෝපීය සම්භවයක් සහිත ගවයින්
  • ඉන්දීය සම්භවයක් සහිත ගවයින්


යුරෝපීය සම්භවයක් සහිත ගවයින් ( bos taurus )



ෆ්‍රීශියන් ( Friesian )


  • වැඩිහිටි පිරිමි සතෙක් 800-900kg පමණ බර වේ
  • වැඩිහිටි ගැහැණු සතෙක් 600-700kg පමණ බර වේ.
  • අං කුඩාය
  • ශක්තිමත් බුරුල්ලක් ඇත.
  • උපත් බර 30-40kg අතර වේ
  • දේශීය සතුන් සමඟ මුහුම් කර ඉහල නිශ්පාදනයක් හා ලංකාවේ දේශගුණයට ගැලපෙන සතුන් බිහි කල හැක
  • කලබලකාරී නොමැති ශාන්ත ගව වර්ගයකි.


අයර්ෂයර් ( Ayrshire )



  • මධ්‍යම ප්‍රමානයේ ගව වරගයකි.
  • අං දිගය
  • ශක්තිමත් බුරුල්ලක් ඇත.
  • ලංකාවේ උඩරට තෙත් කලාපය,මැදරට කලාපයට වඩත් උචිත වේ.


ජර්සි ( jersey )


  • කුඩා ප්‍රමානයේ සතුන් වේ
  • වැඩිහිටි ගැහැනු සතෙක් 350-450kg පමණ බර වේ.
  • මුහුණ අලංකාරව හැඩ ගැසී ඇත.
  • අං උල්වී ඉදිරියට නෙරා ඇත.
  • ඉතා කීකරු ,පාලනයට පහසු සතුන් වර්ගයකි.
  • යුරෝපීය ගව වර්ග වලින් කිරි වල වැඩිම මේද ප්‍රතිශතයක් පවතින ගව වර්ගය වේ.
  • උශ්න දේශගුණයට හොඳින් ඔරොත්තුදීමේ හැකියාවක් ඇත.
  • දේශීය ගව වර්ග සමඟ මුහුම් කිරීම මගින් ඉහල නිශ්පාදනයක් හා ලංකාවේ දේශගුණයට ගැලපෙන සතුන් බිහි කල හැක



ඉන්දීය සම්භවයක් සහිත ගව වර්ග.( bos indicus )


සහිවාල් (Sahiwal )


  • මධ්‍යම ප්‍රමාණයේ සතුන් වේ
  • තැල්ල සහිතය,විශාල එල්ලා වැටෙන තැල්ලක් ඇත.
  • වකුටු වූ අං ඇත.
  • විශාල එල්ලා වැටෙන බුරුල්ලක් ඇත.
  • රෝග වලට හා වියලි දේශගුණයට හොඳින් ඔරොත්තුදෙන වර්ගයකි.
  • යුරෝපීය සතුන් හා මුහුම් කිරීමෙන් උසස් නිශ්පාදනයක් සහිත් සතුන් බිහිකර ගත හැක.


රතු සින්ධි (Red sindhi)


  • මධ්‍යම ප්‍රමාණයේ ස්තුන් වේ,සහිවාල් සතුන්ට වඩා කුඩාය.
  • විශාල මොල්ලියක් ඇත.


දෙමුහුම් සතුන් වර්ග. (Cross breeds )


AMZ ( Australian milking zebu )



  • ඕස්ට්‍රේලියාවේ ජර්සි සතුන් හා සහිවාල් හෝ සින්ධි සතුන් මුහුම් කර සාදන ලද වර්ගයකි.
  • ශරීරය සාපේක්ශව විශාලය
  • මොල්ලියක් නැත.
  • තැල්ල හා සිනිඳු සමක් ඇත.
  • උශ්ණ රටවලට හොඳින් ගැලපෙන් වර්ගයකි.


       AFS (Australian frision sahiwal )



  • මෙම වර්ගය ෆීශියන් හා සහිවාල් මුහුම් කර සාදන ලද වර්ගයකි.
  • මධ්‍යම ප්‍රමානයේ ශරීරයක් ඇත.



මී ගවයින් ( bos bubalis )


මූරා ( murrah )



නිලිරාවි (niliravi)


සූර්ති (surti )




මස් පිණිස ඇතිකරන ගව වර්ග.


  • Angus
  • Shorthorn
  • Hereford
  • Galloway

Post a Comment

Previous Post Next Post