පුංචි රටක් වන ශ්‍රී ලංකාව තුළට විදේශ විනිමය රැගෙන ඒමට සුරතල් මත්ස්‍ය වගාව යම්කිසි ආකාරයකින් සහය දක්වයි. තව ද ශ්‍රී ලංකාව තුළ මත්ස්‍ය වගාව කුඩා සහ මහා පරිමාණ වශයෙන් සිදු කරන අතර එම රැකියා මගින් ශ්‍රී ලංකාව තුළ රැකියා විරහිත පුද්ගලයින් ගණනාවක් ආදායම් ලබා ගනී. ශ්‍රී ලංකාව තුළ මත්ස්‍ය වගාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය භෞතික සම්පත් වන ජලය,ඉඩකඩ අවශ්‍ය ප්‍රමාණයට තිබෙන අතර ස්වයං රැකියාවක් ලෙස මත්ස්‍ය කර්මාන්ත පවත්වාගෙන යෑමට රජයෙන්ද විවිධ සහන සපයයි. නමුත් ලංකාව තුළ තුල මෙය සිදු වන්නේ ඉතාමත් කුඩා ප්‍රමාණයෙනි..
**මත්ස්‍ය වගාව ආරම්භ කිරීම:
මත්ස්‍ය වගාව ආරම්භ කිරීමට ඔබට අවශ්‍ය භෞතික සම්පත් ලෙස අවශ්‍ය වන්නේ ටැංකියක් පමණි.
**මත්ස්‍ය වගාව පවත්වාගෙන යාම:
මත්ස්‍ය වගාවක් පවත්වාගෙන යාමට ඔබට අවශ්‍ය වන වර්ගයකින් මත්ස්‍යයන් ලබා ගත හැක. මෙලෙස ඔබ විසින් ලබා ගන්නා මත්ස්‍යයන් හට ආහාර ලබා දී හොඳින් රැක බලා ගත යුතුයි . ඔබ විසින් ඇතිකරන මත්ස්‍යයන් හට අවශ්‍ය වන ඉඩ ප්‍රමාණය හොඳින් ලබාදිය යුතුයි. එවිට එම සතුන් වාඩත් ඉක්මනින් වර්ධනය වන අතර නිරොගි සම්පන්නව වර්ධනය වේ.
**මත්ස්‍යයන් අභිජනනය කිරිම.
මත්සයන් අභිජනනය කිරීමේදී වර්ගය අනුව අවශ්‍ය වර්ධනයක් සහිත මාළුන් විය යුතු ය .එමෙන්ම අභිජනන ක්‍රියාවලිය සාර්ථකව සිදුකර ගැනීමට නම් ඔවුනට අවශ්‍ය ප්‍රමාණයෙන් ජලය ලබා දිය යුතුය. එමෙන්ම ඔවුනට ලබා දෙන ආහාර පිළිබදවද නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතුය.එවිට මත්ස්‍යයන් ප්‍රියකරන ආහාර ලබා දීමට අප වග බලා ගත යුතුයි. අභිජනන ක්‍රියාවලිය අවසානයේ දී සතුන් විසින් බිත්තර ටැංකිය පුරා හෙලනු ඇත. බිත්තර දැමිමෙන් පසු මව් සතුන් වෙන් කරනවාද නැද්ද යන්න මත්ස්‍යයෝ මත්ස්‍ය වර්ගය අනුව තීරණය කරයි.
**බිත්තර රැක බලා ගැනීම
බිත්තර එක බෑ ගැනීමේදී ටැංකියට අවශ්‍ය පරිදි වාතනය කැපවිය යුතුයි . මෙ යවතනය සැපයීමේ දී මව් සතුන් විසින් හෙළා ඇති බිත්තර බිඳී නොයන සේ ටැංකිය වාතනය කළ යුතුයි. තවද බිත්තර වලට හානියක් වීම වැලැක්වීමට වැලැක්වීමට දිලිර නාශක බිත්තර ඇති ටැංකියට එකතු කළ හැකිය.
මෙලෙස ඔබ තෝරාගන්නා තෝරා ගන්නා මත්ස්‍ය වර්ගය අනුව පැටවුන් බිත්තර වලින් බිත්තරවලින් එළියට පැමිණෙන කාලය වෙනස් වේ.
**පැටවුන් රැක බලා ගැනීම
මෙලෙස බිත්තරෙන් එළියට එන බොහෝ මත්ස්‍ය පැටවුන්ට ආහාර දීම ආරම්භ කරන්නේ දින තුනක් පසුවීමෙන් ඔවුන් පිහිනීමට පටන් ගන්නා අවස්ථාවේදී. තවද බිත්තරෙන් එළියට එන පැටව් සමහරක් මත්ස්‍ය වර්ග විසින් රැක බලා ගනියි. මෙලෙස බිත්තර වලින් බිත්තරවලින් එළියට පැමිණ පිහිනීමට පටන් ගන්නා මත්ස්‍ය පැටවුන්ට ආහාර ලෙස බිත්තර කහ මද, සහ වෙළෙඳ පොළෙන් ලබාගන්නා ආහාර ලබාදිය හැක.